මහල් නිවාසයක ගින්නකින් 10ක් ජිවිතක්ෂයට - 09ක් තුවාල ලබයි.. (විදෙස්)

Government of China China
By krishani Nov 25, 2022 11:11 PM GMT
Report

චීනයේ බටහිර Xinjiang ප්‍රදේශයේ අගනුවර වන Urumqi නගරයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිල්ලේ 15 වන මහලේ මෙම ගින්න හටගෙන ඇත.

පැය තුනකට ආසන්න කාලයකට පසුව එය නිවා දැමීමට කටයුතු කරත් ඊට පෙර ඉහළ මහල දක්වා පැතිර ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join