මුහුදට බිලි වෙන්න ගිහින් අනු නවයෙන් බේරුනු තරුණ ජීවිත..
                                    
                    Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ආරුගම්බේ ප්‍රදේශයේ, උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දිය වැලකට හසු වූ පස් දෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ප්‍රදේශයේ රාජකාරී නියතුව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වනවා.
එනම්, ඊයේ (15) සවස මොවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය සඳහන් කළේ.
මෙලෙස දිය වැලට හසු වී මුහුදට හසාගෙන ගොස් ඇත්තේ තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙකි.
මෙම පිරිස අවුරුදු 18, 19, 25 සහ 29 වයස්වල පසුවන කෝමාරි 01 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |