සමගි ජන බලවේග සංවිධායක නිවසට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක්
SJB සංවිධායක නිවසට පෙට්රල් බෝම්බ ප‍්‍රහාරයක්.. නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කොට්ඨාශ නායක දර්ශන ජයසුන්දර මහතාගේ නිවසට (25) දින අලුයම පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
(25) දින අලුයම 1.20 ට පමණ නිවසේ කොටසක් සහ වෑන් රථ ගාල් කර තිබු ගරාජය දෙසින් ගිනි දැල් ජාලාවක් මතු වු බවත්, පසුව පැමිණ පරික්ෂා කිරිමේදි වෑන් රථයේ ඉදිරිපස කොටස සහ නිවසේ කොටසක් ගිනි ගනිමින් තිබු බවට දර්ශන ජයසුන්දර මහතා කියා සිටියේ.
තමන් ගින්න දුටු විගසම නිවසින් පිටතට පැමිණි බවත්, එම අවස්තාවේ යතුරුපැදියක් වේගයෙන් ධාවනය කල බවත්, පසුව දැරි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න නිවා දැමිමට හැකි වු බවද දර්ශන ජයසුන්දර මහතා කියා සිටිහ.
තම නිවසේ ගරාජයේ ගාල් කර තිබු තමන් සහෝදරියගේ වෑන් රථයේ ඉදිරිපස කොටස ගිනිගෙන විනාශ වි ඇති බවත්, නිවසේ නිදන කාමරයක ජනේලයට ගිනි ඇවිලි පිලිස්සි ඇති බවත්, තමන් (24) දින මුහුණු පොතට එක් කල සටහනක් හේතුවෙන් එයට උරණ වු කිසියම් පිරිසක් මෙම බොම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි දර්ශන ජයසුරන්දර මහතා සැකකරන්නේ.
එල්ල කරන පෙට්‍රල් බොම්බ දෙකකින් එකක් පුපුරා ගොස් ඇති බවත්, එක් බොම්බයක් පුපුරා ගොස් නොමැති බවයි පොලිසිය කියා සිටියේ. පෙට්‍රල් බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |