අද අධිකරණයෙන් ධනුෂ්ක ගුණතිලකට ලැබුනු නියෝගය..!

Sri Lanka Danushka Gunathilaka
By Sewvandhi May 04, 2023 08:44 AM GMT
Report

 ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර ඇත.

එහිදී ඔහුගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ. 

ඔහුගේ නීතිඥයින්  ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් මේ බව පවසා ඇත. එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවය.

අදාළ නඩුව එළඹෙන 18 වනදා යළි කැඳවීමට නියමිතව ඇත. පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව බලා ගිය ධනුෂ්ක ගුණතිලක එරට තරුණියක් අතවරයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන මේ වනවිට දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now