ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු...අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ..දින 02කින් පසු සිදුවූ දේ.
ඇප ලැබුණත් නඩුව ඉවර වෙනතුරු ධනුෂ්කට ලංකාවට එන්න බෑ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමගින් නීතිඥ ආනන්ද අමරනාත්ගේ නමද කරලියට ආවේය.
ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ නීතිඥ ආනන්ද අමරනාත්ය.
ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකි. කලක් ෂීසෙල්ස් හී නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර ඇති ඔහු පසුව ඕස්ට්‍රේලියාවට පැමිණ එහි නීතිපති දෙපාර්තමේන්තුව ලෙස කටයුතු කරන ආයතනයේ අවුරුදු 27ක සේවයකින් අනතුරුව දැන් සිඩ්නිහි පෞද්ගලික නීතිඥයෙක් ලෙස කටයුතු කරයි.
ධනුෂ්කගේ සිදුවීම සහ එහි නීතිමය පසුබිම සම්බන්ධයෙන් සති අග ප්‍රධාන පුවත්පතක් නීතිඥ අමරනාත් සමගින් කළ සාකච්ඡාවයි මේ. ඔබ කොහොමද මේ නඩුවට මැදිහත් වෙන්නෙ…?
ඇයි ඔබ මේ නඩුවෙන් ඉවත් වුණාය කියලා කියන්නේ?
ධනුෂ්කව අත්අඩංගුවට ගත්තේ මහ රෑ. මහ කොමසාරිස් කාර්යාලය හරහා තමයි මම මේකට සම්බන්ධ වෙන්නේ. අත්අඩංගුට ගත්තට පස්සෙ ආපු ඉරිදා ධනුෂ්කව බේල් උසාවියට ඉදිරිපත් කරනව කියලා තිබුණ. හැබැයි එහෙම වුණෙ නෑ.
ඉරිදා දවල් 12 වෙද්දී ඒ උසාවිය වහනවා. ඊට පස්සෙ සඳුද තමයි සිඩ්නිවලට ගෙනාවේ. ඉදිරියේදී ඒ අයට ඕන නීතිඥයෙක් සම්බන්ධ කරගන්න පුළුවන්.
මම ආවේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු නිසා. එහෙම අවේ නැත්නම් ධනුෂ්කට කතා කරන්නවත් කවුරුවත් හිටියෙ නැහැ.
ඒත් පසුව ධනුෂ්කගේ පුද්ගලික කළමනාකරු ඒ වෙනුවෙන් වෙනත් නීතිඥ සහයක් ලබාගැනීමට කටයුතු කළා.
එතැනින් මගේ කාර්යභාරය අවසන් වුණා. ධනුෂ්කව ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට ගැනීම ගැන මේ වෙද්දි විවිධ මත පළ වෙනවා.
ඇත්තටම මෙවැනි සිදුවීමකදී ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද?
පාරේ යන කාන්තාවක් බලහත්කාරයෙන් අරන් ගිහින් යම් ලිංගික අතවරයක් කරනවා වගේ දෙයක් නම් ඒක බොහොම බරපතළයි..
එහෙම නැතිව දෙන්නාගේ කැමැත්තෙන් එකතුවෙලා, එළියට ගිහින් කාලා බීලා කාන්තාවගේ ගෙදරට එන්න කියලා අඬගහගෙන ගිහින් දෙන්නා කැමැත්තෙන් ලිංගිකව එකතුවීම වරදක් නෙමෙයි.
හැබැයි ඒ අතරතුර කාන්තාව අකමැති දෙයක් වුණොත් ඒක තමයි වැරැද්ද. එතනදී ඕස්ට්‍රේලියානු නීතිය ලංකාවට වඩා වෙනස්. තරුණියක් හා කායිකව එකතුවීමේදී ඇගේ අකමැත්තෙන් කිසිදු දෙයක් සිදුවෙන්න බැහැ.
එතැනදී දෙදෙනාගේ කැමැත්තෙන් ඒ එකතුවීම සිදුවුණත් එහි යම් තැනකදී කාන්තාව අකමැති වෙනවානම් ඒ අකමැත්ත ඇය වචනයෙන්ම කියන්නම ඕන නෑ, ඇයගේ හැසිරීමෙන් පිරිමිය එය තේරුම් ගන්න ඕන කියලා තමයි නීතියෙන් අර්ථ ගන්වන්නේ.
එවැනි සිදුවීමක් ඔප්පු කිරීමට කරුණු දැක්වීම හරි අමාරු වැඩක්. තව දෙයක් තියෙනවා.
ලිංගිකව එක්වෙන්න කැමැති නැද්ද කියල කියාගන්න බැරි තරමට කාන්තාවක් මත්පැන් පානය කරලා නම් ඉන්නෙ ඒවගේ තත්ත්වයකදී ලිංගිකව එක්වුණොත් කැමැත්තක් නැතිව වුණ දෙයක් විදිහට තමයි අර්ථ ගන්වන්නේ.
ඒක ටිකක් සාධාරණයි. සමහර අය බාර්වලට ගිහින් බොනවා විතරක් නෙමෙයි, තරුණියන්ගේ වීදුරුවලට මත් පෙති දානවා.
එතකොට ඇය දන්නෙ නෑ මොනවා වෙනවද කියල. ධනුුෂ්කට තියෙන චෝදනා හතර මොනවද? හතරම ලිංගික අතවර කිරීම් සම්බන්ධව ඒ ඒ ආකාරයෙන් එල්ල කර ඇති චෝදනා.
එතකොට ධනුෂ්කට කොහොමද ඕස්ට්‍රේලියානු නීතිය බලපාන්නේ…?
ධනුෂ්කගෙ සිදුවීමේදි තියෙන්නේ දෙන්නම හුඟක් දුරට එකඟවෙලා කරපු වැඩ. නමුත් ඒ එකතුවීමේ අන්තිම හරිය වුණු දේවල් තමන් අකමැත්තෙන් වුණු දේවල්ය කියලා දවස් දෙකහමාරකට පස්සෙ තමයි තරුණිය පැමිණිල්ලක් දැම්මේ.
මෙහෙ නීතිය මීට මාස දෙකකට ඉස්සරවෙලා වෙනස් වුණා. එතනදී කැමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධ නීතිය තද කළා.
ඒකට හේතුව දූෂණ නඩු සීයක් උසාවියට ගියොත් වැරැදිකාරයා දඬුවම් ලැබුවේ බොහොම අඩුවෙන් වීම.
ඒනිසා ආණ්ඩුව මේක ගැන අවධානය යොමු කරලා වැරැදිකාරයෝ සියයක් උසාවියට ගේනවා නම් ඒකෙන් හතළිහක්වත් දඬුවම් විඳින්න ඕන කියලා නීතිය තද කළා.
එය තමයි ධනුෂ්කට බලපාන්නේ. මේ නඩුවෙදී ධනුෂ්කට යම් වාසිසහගත තත්ත්වයක් ඇතිවෙන බවත් කියනවා.
ඒක ඇත්තද? සමහර නඩුවල කට උත්තර කියවද්දිම අපට තේරෙනවා ඔහු වැරැදිකාරයද කියලා. හැබැයි මේක එහෙම නඩුවක් නෙමෙයි.
මේකෙ හුඟක් දුරට දෙන්නගෙ කැමැත්ත අනුව තමයි බොහෝ දේවල් වෙලා තියෙන්නේ. අන්තිම හරියේ වෙද්දී මේ ගෑණු ළමයා කිසිම දෙයක් කියලා නෑ.
නීතිය අනුව කියන්න ඕනෙ නෑ තමයි. නඩුවක් ඔප්පු කරන්න හරි, නිදහස ඔප්පු කරන්න හරි සාක්කි දෙද්දි ඔය වගේ කරුණු අතරින් තමයි යන්න වෙන්නේ.
මේ නඩුව ජූරියක් ඉදිරියෙයි අහන්නෙ. ජූරියේ කාන්තාවන් සහ පිරිමින් 12ක් සිටිනවා.
ඒ අය නීතිය හදාරපු අය නෙමෙයි., නඩුකාරය ඒ අයට නීතිය විස්තර කරලා දෙනවා. හැබැයි ජූරිය ඉන්නේ සමාජයේ විවිධ තරාතිරම්වල සාමාන්‍ය මිනිස්සු.
ඇත්තටම ඒ පිරිස මේ සමාජයේ හරස්කඩක්. ඔවුන් සමාජයේ ගැන හොඳ අවබෝධයක් තියෙන අය. ඔවුන් දන්නවා සමාජයේ මිනිස්සු හැසිරෙන විදිහ.
මිනිස් හැසිරීම්, හැඟීම් ගැන ඔවුන්ට අවබෝධයක් තියෙනවා.
ජූරිය කෙනෙක්ට යම් අයෙක් කියන්නෙ ඇත්තද? බොරුද?හැසිරුණු විදිහ අනෙකාට හරියට අවබෝධ වුණාද?වගේ කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තද? බොරුද?
කියලා තීරණය කරද්දී සැකයක් තියෙනවා නම් සැකයේ වාසිය විත්තිකාරයට දෙන්න ඕන. ඒ නිසා මේ නඩුවේදී ධනුෂ්කට ලොකු අවස්ථාවක් තියෙනවා නිදහස් වෙන්න.
පැමිණිල්ලේ සාක්කියෙන්ම සැකයක් එන්න පුළුවන් ඒක චේතනාන්විතවම අමාරුවේ දැමීමට කළ පැමිණිල්ලක්ද කියලා. මේ දෙන්නා පළමුවරට හමුවෙලා තියෙන්නේ සිඩ්නිවල.
හැබැයි ඊට පෙර ටින්ඩර් ඇප් එක හරහා කාලයක් කතාබහ කරල තියෙනවා. ඊට පස්සෙ තමයි හම්බවෙන්නේ. ඒ වගේ සම්බන්ධයක් තිබිලා තමයි සිඩ්නිවල හමුවුණේ.
ඔය වගේ ඇප්වලින් හමුවෙන්න යන්නෙ වෙන දේකට නෙමෙයි.
ඇත්තටම ධනුෂ්කව හිතාමතාම උගුලකට හසුකළාද?
කියන්න බෑ,.. කතාව සහමුලින්ම දන්නෙ නැතිව එහෙම කියන්න බෑ.
ඔවුන් කටඋත්තර දීලා තිබුණත් ඒව මොනවද කියලා තවම දන්නෙ නෑ. දෙගොල්ලන්ගෙ දුරකථන සංවාදත් මේ නඩුවේදි වැදගත්.
ඒ දෙන්න අතරේ දුරකථන සංවාද තිබුණ නම් මේ සිදුවීමෙන් පස්සෙ, ඒකෙන් බලාගන්න පුළුවන් මොන හේතුවක් නිසාද පැමිණිල්ල දාන්න පරක්කුවුණේ කියල.
දැනට කියන්න අමාරුයි.
ධනුෂ්කට ඇප ලැබුණොත් ඔහුට නැවත ලංකාවට එන්න පුළුවන්ද?
බෑ,.. නඩුව ඉවරවෙනකම් ඔහුට ලංකාවට එන්න බෑ. මේ වගේ නඩුවක තීන්දුවක් දෙන්න කොයිතරම් කාලයක් යනවද?
අවුරුද්දක් හෝ ඊට වැඩිය. මේ වගේ නඩු දැන් ගොඩක් තියෙනවා. කොවිඩ් නිසා නඩු හුඟක් පරක්කුවෙලා ඒවා ගොඩගැහිලා.
ඒ නිසයි මම කියන්නෙ අඩුම ගානේ අවුරුද්දක් යනවා කියලා. මහෙස්ත්‍රාත් උසාවියෙන් දිස්ත්‍රික් උසාවියට මේක යවන්න තව පියවර දෙක තුනක් තියෙනවා.
ඒ දිස්ත්‍රික් උසාවියට ගියාට පස්සෙ තමයි නඩුව විභාග කරන්න දිනයක් දෙන්නෙ.
පැමිණිලි පාර්ශ්වයක් එක්ක යම් එකඟතාවකට ඇවිත් මේක සමථයකට පත්කර ගැනීමේ හැකියාවක් තියෙනවද?
සිවිල් නඩුවක වගේ මේකෙදි සමාදාන වෙන්න බෑ. මුදල් දෙන්නම් චෝදනාව ඉල්ලා අස්කරගන්න නම් කියන්න බෑ.
හැබැයි මේ තරුණියට සිතාසි යවලත් උසාවියට එන්නෙ නැතිව ධනුෂ්කට විරුද්ධව සාක්කි දෙන්න කැමැති නෑ කියල කිව්වොත්, එහෙම තත්ත්වයකදී ඔහුට නිදහස් වෙන්න පුළුවන්. තරුණිය ඉදිරිපත් වෙන්නේ නැත්නම් නඩුවක් නෑ.
සමහර වෙලාවට ගෑනු අය ගිහින් පොලිසියට කියනවා මේක තවදුරටත් ගෙනියන්න බෑ, මම මේ නඩුව නිසා මානසික අවපීඩනයක ඉන්නෙ කියලා.
ඒක වෛද්‍ය වාර්තාව අනුව ඔප්පු කරන්න පුළුවන්නම් එවැනි අවස්ථාවකදී පොලිසිය විසින් නඩුව ඉල්ලා අස්කරගන්නවා.
මේ චෝදනාව බොරුවක් කියලා ඔප්පුවෙලා ධනුෂ්ක නිදහස් වුණොත් ඔහුට පුළුවන්ද තමන්ට වුණු අපහසායට වන්දි ඉල්ලලා නඩු පවරන්න….?
ඔව්, පුළුවන්. වන්දි ගන්න නම් ඒ තරුණියට සල්ලි තියෙන්න ඕන. මොකද සල්ලි නැත්නම් වන්දියක් නියම කළත් ඒක ගන්න බෑනේ.
හැබැයි පොලිසිය වැරැදි විදිහට චෝදනා ඉදිරිපත් කරලා, ඒ චෝදනා ඔප්පු නොවුණොත් එතකොට ධනුෂ්කට පුළුවන් ආණ්ඩුවෙන් වන්දියක් ඉල්ලන්න.
ඒ හේතුවක් නැතිව නඩුවක් දැම්මාය කියලා යම් ලෙසකින් ධනුෂ්ක වැරැදිකාරය වුණොත් මොනවගේ දඬුවමක්ද විඳින්න වෙන්නේ…?
උපරිම දඬුවම අවුරුදු 14කට හිරේ යෑම. හැබැයි සාමාන්‍යයෙන් මේවගෙ නඩුවකට අවුරුදු පහක් හයක් වගේ දඬුවමක් තමයි බොහෝ වෙලාවට ලැබෙන්නේ. හිරේ ඉන්න ඕන අඩුම තරමේ අවුරුදු හයක්.
හැබැයි අවුරුදු පහකින් වගේ නිදහස් කරන්න පුළුවන්. එතනදි නිදහස් වෙලා ආවත් ඔවුන් සමාජයේ හැසිරෙන්න කොහොමද කියලා හොයලා බලනවා.
කොන්දේසි දාල තමයි එහෙම නිදහස් කරන්නෙ.
සමාජ මාධ්‍යවල මේ දවස්වල යන දෙයක් තමයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔහුව බලන්න එනවා, ඔහු වෙනුවෙන් කතාකරනවා කියලා… ඒවා ඇත්තද?
ඒව සම්පූර්ණ බොරු. ධනුෂ්කට බේල් එක ප්‍රතික්ෂේප කළාම සිඩ්නි පොලිසියේ ඉඳන් යැව් ෙව් පාර්ක්ලි හිරගෙදරට.
ඒ හිරගෙදර දාපු ගමන් දවස් දහයක් එයාව හුදෙකලා කරනවා. මොකද පිටින් එන අයට කොවිඩ් තියෙයි කියල හිතන නිසා.
ඒ නිසා කාටවත්ම හමුවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
යම් පුද්ගලයන් මේ විදිහට ඇප්වලින් හඳුනගෙන, ගෙදරට ගෙන්වන ගෙන තමන් අකමැති දේවල් කළා කියල පැමිණිලි කරන යම් ප්‍රවණතාවක් ඕස්ට්‍රේලියානු සමාජයේ තියෙනවද?
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ව… නෑ…
එහෙම හුඟක් තියෙනවා කියලා කියන්න බෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |