දන්සල් දෙකක උණුසුම් තත්ත්වයක්..පුද්ගලයෙක් මරුට..

Sri Lanka Police Poson poya day Sri Lanka Accident
By Aruna Jun 04, 2023 04:17 AM GMT
Report

ඇහැලියගොඩ ප්‍රදේශයේ සුප් දන්සලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණයට පත් වූ පුද්ගලයා මුදල් ගැටළුවක් මත එම ස්ථානයේදී ඇතිකරගත් ආරවුලක් අතරතුර එම දන්සලේ සිටි අයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මරණය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

මේ අතර දන්සලක් පැවැත්වෙන අතරතුර එහි පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

රිටිගල ප්‍රදේශයේ දන්සලක එම සිද්ධිය වාර්තා වී තිබුණු බව සඳහන්.

අදාළ ගැටුමට හේතුවී ඇත්තේ පෝලිමේ අනුපිළිවෙල සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් බව‍යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now