මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 15ක්, පවුල් පසුබිම නිසා මම කවදාවත් වැඩිහිටියන්ට පමණයි නිර්මාණ බාරගන්නේ නැහැ-ධනංඡි තාරුකා (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Feb 25, 2023 03:23 PM GMT
Report

පුංචි තිරය, රිදී තිරය, වේදිකාව මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියලා කියන්නේ.

ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ 2023 වසරට අවුරුදු 15ක් විතර වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් නොවුණානම් බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න තිබුණා කියලත් ධනංජි කියනවා.

මොකද ඇයගේ තාත්තා න්ධනාගාර නිලධාරියෙක් නිසා ඇය හැදුණේ වැඩුණේ බන්ධනාගාර නිල නිවාසවල. ඒ වගේම ඇය උපන් දා ඉදන්ම තාත්තාව බොහෝ වෙලාවට දැක්කේ ඒ නිල ඇඳුමෙන් කියලයි ඇය කියන්නේ. ඒ නිසා තාත්තා වගේ වෙන්න තමයිලු ඇය ඉස්සර ඉදන්ම ආස කළේ.

ඒ වගේම ඇය ඉගෙන ගත්තේ ඒ තැනට යන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගනිමින් වුනත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අහම්බෙන් කලාවට ආව නිසා තිබ්බ ආසාව මඟ හැරුණා කියලත් ධනංජි කියනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery