අගමැති වහා ඉල්ලා අස් වෙන්න - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගෙන් අග්‍රාමාත්‍යවරයාට අභියෝගයක්..

Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister Sri Lanka Dhammika Perera
By krishani Jul 06, 2022 06:37 AM GMT
Report

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී  ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට ද අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට මහතාට අභියෝග කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join