මෙරට ඩොලර් ප්‍රශ්ණය ගැන ධම්මික පෙරේරා ගෙන් විශේෂ හෙළිදරව්වක්.(VIDEO/PHOTOS)
DP Education Cording School නමින් පරිගණක අධ්‍යාපන ආයතනයක් හම්බන්තොට උතුරුගිරුවාපත්තුවේ මිද්දෙණිය පුරාණ විහාරස්ථානයේදී අභිනවයෙන් විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දම්මික පෙරේරා මහතාගේ සුරතින් ඊයේ දිනයේදී සිදු කෙරුණා.
මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කියාසිටියේ, රට තුළට ඩොලර් ගලා ඒම සඳහා දිවයින ජාතිය තවමත් ස්ථාවර මාවතක් නිර්මාණය කර නොමැති බවයි.
තවද ශ්‍රී ලංකාවේ පවතින බදු අර්බුදයට ඩොලර් හිඟය හේතු වී ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයන සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත්, එමගින් රේගු තීරුබදු සහ තීරුබදු හරහා උපයන ආදායමට සෘජුවම බලපාන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ධම්මික පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රේගු ගාස්තු සහ තීරු බදු වලින් අහිමි වන මුදල් උපයා ගැනීම සඳහා වෙනත් බදු වැඩි කරන බවත්, මේ පිටුපස ඇති මූලික ගැටලුව වන්නේ ඩොලර් හිඟකම බවද අපට ඩොලර් උපයා ගැනීමට තවත් කිසිදු ක්‍රමයක් නොමැති බවයි.
මිද්දෙණිය පුරාණ විහාරාධිපති,ශ්‍රී සුමංගල පිරිවෙන් අධිපති, ශාත්‍රවේදී,පූජ්‍යපාද කන්දෙකුඹුරේ සුදම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සමාරම්භක උත්සවය පැවැත්වූ අතර මේ සදහා විශාල පිරිසක් එක්ව සිටියා.
මෙහි අධ්‍යාපනය හදාරන දරුවන්ට නොමිලේ මෙම සියලු පහසුකම් ලබාදීම විශේෂත්වයක්.
එම අවස්ථාවේ විශේෂ ඡායාරූප පෙළක් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |








