ධම්මික පෙරේරා රටම හෙල්ලෙන්න කරපු අලුතම වැඩේ...

Passport Dhammika Perera
By Sithumi Jul 07, 2022 11:35 AM GMT
Report

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත. මෙරට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොරව සිදුකිරීම සඳහා විශේෂ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුණු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක නිෂ්කාශනය (security clearance) ලැබුණු පුද්ගලයින්ට මින් ඉදිරියට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට නියමිත ය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට දීර්ඝ ප්‍රමාදයන් ඇතිවීම මෙහිදී වැළැක්වෙනු ඇති අතර නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය ලැබීමට උපරිම ලෙස ගතවිය හැක්කේ දින 6ක් පමණි.


_______________________________________________________________

අද අතටම හසුවුණු ඉන්ධන ජාවාරම...