රංගන ශිල්පිනී දමිතා, සජිත් සමග මංගල ගමන අරඹයි..! (VIDEO)
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන ඊයේ (22) පොළොන්නරුවෙන් ආරම්භ කර තිබුනා. ඒ,පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමිනුයි.
එහිදී අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය,
"අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න. එහෙම නැතුව මේ රටේ එන එන නායකයාව එළවන්න නෙමෙයි. අපි හැබැයි කියපු දේ කළා. එදා අපිත් එක්ක ඔක්කෝම එකතු වුණා. අරගලයේ කවුරුත් නායක නායිකාවෝ හිටියේ නෑ. ඒ බොරු කතා. දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලයේ නායිකාවෝ. අරගලයට නායිකාවෝ හිටියේ නෑ. මේ අරගලය රටේ සියලුදෙනාගේ අරගලය. ඒ අරගලයට ආපු සියලුදෙනා නායක නායිකාවෝ.මම හදවතින්ම අරගලයට ආපු සියලුදෙනාට හිස නමා ආචාර කරනවා...."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |