දමිතා අබේරත්න රෑට කකුල් අතගාල මසාජ් කරන්න කියලා..මල්ලි කෙනෙක් කරපු වැඩ ඔක්කොම ලීක් කරයි.(VIDEO)

Police spokesman Sri Lanka Politician Samagi Jana Balawegaya
By Aruna Mar 02, 2024 04:47 AM GMT
Report

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා එක්ව තමන් විශාල මූල්‍ය වංචාවකට හසු කළ බවට පුද්ගලයෙකු විසින් ප්‍රබල චෝදනාවක් එල්ල කර සිටිනවා.

තමන් විදේශගත කරන බව පවසමින් ඔවුන් දිගින් දිගටම තමන්ගේ සියලු වස්තුව දේපළ ලක්ෂ ගණනින් ඔවුන් දෙදෙනා විසින් සැලසුම් සහගතව සූරා කෑමකට ලක් කල බවටත් ඔහු චෝදනා රැසක් එල්ල කර තිබේ.

තමන් මෙම යුවල සමග බොහෝ හිතවත් වී ඔවුන්ගේ නිවසේම වාසය කළ බවත් එක් අවස්ථාවක දමිතා අබේරත්න මහත්මියගේ කකුල් මසාජ් කරන්නයිද ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කර තිබේ.

දැනටමත් තමන් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුවෙමින් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවන් ආකාරයේ කටයුතු අසාධාරණයන්ට ලක් වූ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින බවත් මෙම අදාළ විමර්ශන කටයුතු ඉදිරියට යද්දී ඔවුන් ද ඉදිරියට පැමිණ ඒවා හෙළි කරනු ඇති බවයි.

දමිතා අබේරත්න මහත්මියගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සිරගතව සිටි පුද්ගලයකු බවත් ඒ එරටදී සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් බවද පැවසූ ඔහු තමන් ද මත්පැන් පානය කිරීම නිසා එම බන්ධනාගාරයේම සිටි බවත් එහිදී ඇති වූ සම්බන්ධතාවයක් මත ඔවුන් හඳුනාගත් බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අනාවරණය කළා.

හෙතෙම මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

අදාල වීඩියෝව පහතින් නරඹන්න.