ඩලස්ට සහාය 150ට ලං වෙයි..ජනපති සටනේ වැඩි දෙනෙක්ගේ සහය හිමිවන අපේක්ෂකයා ගැන හෙළිදරව්වක්..!!
මේවන විට රටේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ අභිනවයෙන් හෙට දිනයේ පත්වන ජනාධිපතිවරයා සම්බන්ධවයි.
ඒ අනුව ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළා.
රනිල් වික්‍රමසිංහ ,ඩලස් අලහපෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය.
එවැනි තත්ත්වයක් තුල එක් එක් අපේක්ෂකයින්ට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ සහය පළවන ආකාරය ඇතුලත් ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.
එම ලිපිය අනුව වැඩි මන්ත්‍රීවරුන් ප්‍රමාණයකගේ සහාය හිමිව ඇත්තේ, මේවන විට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි.
මේ අතර ඩලස් අලහප්පෙරුම මහතාට දැනට මන්ත්‍රීවරු 140 කට වඩා සහය හිමිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
එලෙස හුවමාරුවන වාර්තාව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
