ඩලස් ජනාධිපති වුන ගමන් කරන දේ දැනුම් දෙයි..රනිල්ටත් රතු එළියක්..

Duleep Wijesekera Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka
By Aruna Jul 18, 2022 11:03 PM GMT
Report

තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත.

නමුත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවට ද හෙතෙම සඳහන් කර තිබේ. අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නැති බවත් ඔහු පවසා ඇත.

ගොඩනගන පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බවද අලහප්පෙරුම මහතාගේ අදහස වී ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී පිරිසක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now