ඇදිරිනීතිය නීති විරෝධියි.. සාමකාමිව පාරට එන්න... අනුර සහ සජිත් ගෙන් විශේෂ ප්‍රකාශ..(VIDEO)
Anura Kumara Dissanayaka
Sajith Premadasa
Curfew
SL Protest
By Sithumi
| රටපුරා හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අරගලය හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාතට අදාලව පැනවූ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පක්ෂ දෙකක නායකයින් අදහස් දක්වා තිබෙනව. |
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටින්නේ පැනවූ ඇඳිරි නීතිය නීතිවිරෝධී බවත් ජනතාවට සාමකාමී උද්ඝෝෂණ කළ හැකි බවත්ය ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න ,
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ඒකාධිපති පාලනයට විරුද්ධව හෙට දිනයේ නැගී සිටින ලෙසත් ඇඳිරි නීතිය නීති නීතිවිරෝධී බවත් ය
ඔහුගේ ප්‍රකාශය පහතින්
උපුටාගැනීම
"පොලිස් ඇඳිරි නීතිය වංචාවකි. එය නීති විරෝධී ය. හෙට පාරට බහින්න. ඒකාධිපතිත්වයට පිටුපා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට ජනතාව සමඟ එක්වන්න. ඔව් අපිට පුළුවන් !"