රේගු නිලධාරීන් දැඩි තීරණයක් ගනී..! භාණ්ඩ මිල ඉහළ යයිද..?

Ranjith Siyambalapitiya Financial crisis Economy of Sri Lanka Sri Lanka Customs Latest Headlines
By Sewvandhi Mar 19, 2024 12:18 PM GMT
Report

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

ඔවුන් මේ බව සඳහන් කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ, රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින්ය.