11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ චූදිතයාට අධිකරණයෙන් ලැබුනු නියෝගය..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Mar 27, 2023 10:12 AM GMT
Report

අද (27)කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය, ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 10 විත්තිකරු ලෙස නම්කර ඇත්තේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාය.

අධි චෝදනා 667ක් යටතේ ඒ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

ඊට අදාළ නඩුව අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද(27) කැඳවනු ලැබීය.

සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස මෙලෙස අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම විත්තිකරු වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු බවත් එකී ඇප කොන්දේසි ලිහිල් කිරීමක් සිදුකළහොත් යළිත් රටින් පලායාමේ හැකියාවක් ඇති බවත් එහිදී අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now