රසායනික පොහොර නැතිව වගා කළ හැකි බෝග.

Sri Lanka Healthy Food Recipes Sri Lanka Food Crisis
By Wayomi May 31, 2022 06:15 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල හැමෝම වගාවට බැහැලා මහා පරිමාණ වගා කරන්න බැරිවුණාට ගෙවත්තේ පුංචි ඉඩක වගා කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා බඳුන් හෝ වෙනත් ක්‍රමෝපායන් භාවිතයට ගන්න. වගා කරද්දී ගොඩක් අයට මතු වන ගැටළුවක් තමයි පොහොර ගැටලුව. හැබැයි රසායනික පොහොර නැතුව හදන්න පුළුවන් බෝග වර්ග නැතුවාම නෙවෙයි.

🌱මිරිස් වෙනුවට කොච්චි

ලෙඩ රෝග නැති තරම්. මෙයට රසායනික පොහොර අනවශ්‍යයි. කොච්චි කියන්නේ විටමින් C, විටමින් A , විටමින් B6, මැග්නීසියම්, කැල්සියම් සහ යකඩ බහුල කුළුබඩුවක්. හෘදයේ, ශ්වසන පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, පිළිකා, දියවැඩියාව, රුධිර පීඩනය, ස්වසන රෝග වැලැක්වීම, පටක අලුත්වැඩියාව, ආහාර රුචිය වැඩි කිරීම, සම රැක ගැනීම, දුලකහරණය, ආයු වැඩි කිරීම, ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වීමට මෙම විටමින් අත්‍යවශ්‍යයි.

🌱 දඹල

ලෙඩ රෝග නැති තරම්. හිරු එළිය වැටෙන තැන් වල වර්ධනය වෙයි. කරල් නැති කාලයට දළු මැල්ලුමට ගත හැකිය. රසායනික පොහොර අනවශ්‍යයි.

🌱 ගොටුකොළ

ලෙඩ රෝග කෘමි හානි නෑ. රසායනික පොහොර අනවශ්‍යයි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට තරම් ගුණදායකයි.

🌱 අවර/ වඳුරු මෑ

මේවායේ ප්‍රෝටීන බහුලයි. මන්දපෝෂණය දුරු කරයි.

🌱මුරුංගා

අව්ව ඇති සෑම තැනකම සිටුවන්න.මස් මාළු වෙනුවට හොඳම පෝෂණ අතිරේකයක්. කරල් හැදෙනකන් කොළ ආහාරයට ගන්න පුළුවන්.

🌱 නිවිති

ඕනෑම තැනක හැදෙනවා. යකඩ බහුල ආහාරයක්

🌱 ගහල/ කිරි අල

ලෙඩ රෝග අවමයි. සාමාන්‍ය සෙවණේ හැදෙනවා. ගන්නෝරුවෙන් බීජ, අල ලබාගන්න පුළුවන්.

🌱 අළු කෙසෙල්

ලෙඩ රෝග, කෘමි හානි අවමයි. ගෙඩි, කෙසෙල් මුවමුව, පොතු, බඩය සහ අලය ආහාර ගත හැකියි.

🌱 වැල් පෙනෙල

මේරූ බීජ ටිකක් ගේ වටේට ඉහින්න.කිරි වෙනුවට උදේට පෙනල කොළ කැඳ බොන්න පුළුවන්.