ප්‍රධානතම රාජ්‍ය දෙපාර්තුමේන්තුවකින් Covid පොකුරක්.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම නිසා එහි අංශ තුනක් වසා දමා ඇත.
මේ අතර තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසා නිරෝධායනයට යොමුවී සිටින බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
මේ තත්වය නිසා එහි බොහෝ අංශවල කටයුතුවලට බාධා මතුව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය. නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිසක් අද දිනයේ රාජකාරියට වාර්තා කිරීමට නියමිත බවත් සේවකයන් එලෙස කොටසින් කොටස ගෙන්වා රාජකාරියේ යෙදවීමට බලාපොරොත්තු වන බවත් කල්පනා ලියනගේ මහත්මිය කීවාය.
මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා කොවිඩ් තෙවැනි මාත්‍රාව ලබා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව පැවසූ මුද්‍රණාලාධිපතිනිය ඒ සඳහා සෞඛ්‍ය අංශවලට විස්තර වාර්තා ලබාදී ඇතැයිද පැවසුවාය.
කුමන බාධා මතුවුවත් රජයේ මුද්‍රණ කටයුතු සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව කරගෙන යන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |