ලාංකිකයින් 8000කට අධික පිරිසක් නීතිවිරෝධී මුදල් ගනුදෙනුවකට හසුවෙයි.. ප්‍රබල වංචාවක් ගැන අනාවරණයක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By Aruna
ක්‍රිප්ටෝ නමැති නීති විරෝධි මුදල් ආයෝජන ව්‍යාපාරයට ශ්‍රී ලාංකිකයන් 8000කට අධික පිරිසක් ගොදුරු වී ඇති බවත් ඉන් වංචා කර ඇති මුදල රුපියල් බිලියන 15කට අධික බවත් අල්ජසිරා රූපවාහිනි සේවාව මුල්වරට හෙළි කර තිබෙනවා.
මෙම හොර ජාවාරමට සම්බන්ධ විදේශිකයන් දෙදෙනකු ඇතුළු රැසකගේ බැංකු ගිණුම් මහ බැංකුව විසින් තහනම් කර ඇති අතර රහස් පොලිසිය වාහන නිවාස ඇතුළු වත්කම් තහනම් කර ඇත.
මෙම ජාවාරම මෙහෙයවූවන් සුපිරි නිවාස සංකීර්ණවල නිවාස ද බෙන්ස් රථ ද මිලදී ගෙන ඇති බවයි අල්ජසිරා නාලිකාව පැවසුවේ.
නීති විරෝධී සමගාමක් ස්ථාපිත කර මොවුන් මෙම ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ජාවාරම මෙහෙයවා ඇති බවද එම නාලිකාව වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |