කාන්තාවක් වස ලබා දී 12ක් ඝාතනය කරලා - හිටපු පෙම්වතා ද ඒ අතර..

Thailand Crime
By krishani Apr 28, 2023 01:58 AM GMT
Report

සයනයිඩ් ශරීරගත කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක් තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ බැංකොක් හි දී ය.

අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව විසින් ඝාතනය කර ඇත්තේ ඇයගේම හිතවතුන් පිරිසක් බව වාර්තා වන්නේ.

සැකකාරිය සමග විනෝද චාරිකාවකට එක් වූ තරුණියක් සැකකටයතු ලෙස මියයාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී ඇය විසින් 2020 වසරේ සිට සිදුකළ සෙසු ඝාතන පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූවන් අතර එම කාන්තාවගේ හිටපු පෙම්වතා මෙන්ම කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකු ද වේ.

මේ අතර, මුදල් හා දේපල කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතන සිදුකර ඇති බවට සැකපළ කරයි.

ඒ සඳහා උසස් පොලිස් නිලධාරියෙකු වන ඇයගේ වත්මන් පෙම්වතාගේ සහය හිමිව ඇත් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join