තියුණු ආයුධවලින් පහරදීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
ඊයේ (30) රාත්‍රියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ නාඳුනන පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසු වූ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරේ පදිංචිකරුවෙක් ය.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මේ වනවිට සැකකරුවන් පිරිස හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ට්ටකුලිය පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |