පෙට්‍රල් සොරකම ජිවිතයකින් අවසන් වූ ඛේදනීය පුවතක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
බොරැල්ල - කාසල් වීදිය ප්‍රදේශයේදී අද (25) අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
යතුරුපැදියක තිබූ පෙට්‍රල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී යතුරුපැදියේ අයිතිකරුට අනෙක් පුද්ගලයා විසින් පිහියකින් ඇන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 40 හැවිරිදි කාසල් වීදිය, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ සැකකරුද එම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙක් වන අතර ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.