ගුරුවරියකට වෙඩි තැබු සය හැවිරිදි දරුවා ගැන හෙළිදරව්වක්..
United States of America
Crime
By krishani
අමෙරිකාවේ - වර්ජිනියා ප්‍රාන්තයේ සය හැවිරිදි දරුවෙකුගේ වෙඩි පහරින් තුවාල ලැබූ ගුරුවරියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතියි.
පසුගිය (06) වන සිකුරාදා අදාළ ගුරුවරිය සහ සිසුවා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමට සම්බන්ධ සිසුවා පොලිස් අත්අඩංගුවේ පසු වෙයි.
වෙඩි තැබීම අහඹු සිදුවීමක් නොවන බව එරට පොලීසිය ප්‍රකාශ කර ඇති අතර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තිස් හැවිරිදි ගුරුවරියකි.
දරුවා ගිනි අවියක් ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |