අඟුලානේ කුරිරු මනුෂ්‍ය ඝාතනයක්.

Sri Lanka Police Crime
By krishani Feb 20, 2023 02:43 AM GMT
Report

ඊයේ (19) සවස අඟුලාන පොලිස් වසමේ ශාන්ත සේවියර් පල්ලිය අසල දී පිරිසක් විසින් පහර දී තරුණයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 27 හැවිරිදි අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගිය එම පුද්ගලයා ඔහුගේ මාමා පදිංචිව සිටින රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් සිටිය දී එසේ ඝාතනයට ලක්ව ඇත්තේ.

මරණකරුගේ මාමා ද තුවාල ලබා ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර පැරණි අමනාපයක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

සැකකරුවන් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join