සීයාගේ මාරාන්තික පහර දීමෙන් මුණුබුරා ජිවිතක්ෂයට..
Sri Lanka Police
Crime
By krishani
මාස 2 කට පෙර
කොටවෙහෙර - කැලේගම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ සීයා එල්ල කළ පොලු පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
එම තරුණයා 16වන දා රාත්‍රීයේ නිදා සිටිය දී ඔහුගේ සීයා එලෙස පහර දී ඇත.
සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ නවෝද් දිල්ෂාන් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටවෙරෙ පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |