ඔබ නොදත් ක්‍රිකට් පිත්තේ සහ පන්දුවේ නීතිය.
පන්දුවයි..පිත්තයි කියන්නේ ක්‍රිකට් වල ජීවයයි. හැබැයි ක්‍රිකට් සෙල්ලම් කළ පළියට ආවට ගියාට පිත්තයි..බෝලයයි තෝරා ගන්න බැරි බව ඔබ දන්නවද? මේ ගැන හරියට නොදැන හිටියොත් ක්‍රිකට් පිස්සෙක් වෙලා වැඩක් නැහැ, අන්න ඒ නිසා අද මේ ගැන කතා කරන්න හිතුණා . 🥎 🏏
පන්දුව
🥎 සාමාන්‍යයෙන් පන්දුවක බර 163g (අවුන්ස 5.75) කට නොවැඩි විය යුතු අතර 155.9g (අවුන්ස 5.5) නොඅඩු විය යුතුය.
🥎 ක්‍රිකට් පන්දුවක බර ලෙස සැලකෙන්නේ 163g අගයයි.පන්දුවේ පරිධිය (වට ප්‍රමාණය) අගල් 9 කට (22.9 cm) නොවැඩි විය යුතුයි.
🥎 කාන්තා ක්‍රිකට් වලදි භාවිත වන පන්දුවේ බර (140-151)g වන අතර වට ප්‍රමාණය අගල් 8.25 (21-22.5 cm) පමණ වෙනවා.
🥎 එමෙන්ම සත්කාරක කණ්ඩායම තවත් කණ්ඩායමක් සංචාරයකට පැමිණිමේදි භාවිත කරන පන්දුවල වර්ග (Brand) සහ ස්වභාවයන් ගැන දින 30 කට පෙර වාර්තා සැපයිය යුතුයි.
පිටියේ පන්දු වර්ග
අජීවි පන්දුව (Dead Ball)
🏏 පන්දුයවන්නෙක් ලබාගන්නා ආරම්භයෙන් (Run-up) ජීවි වන පන්දුව, එම පන්දුව යැවීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාවලියෙන් පසු අජීවි තත්වයට පත් වෙනවා.
🏏 ඒ කියන්නේ පිතිකරු දැවියාම,පන්දුව 4,6 සීමාව පසුකිරීම,පන්දුව කඩුලුරකින්නා හෝ පන්දුයවන්නා විසින් නැවත ලබාගැනිම සමඟ පන්දුව අජීවි වෙනවා.
🏏අජීවි වූ පසු ලකුණු ලබාගැනීමට හෝ පිතිකරුවෙක් දවාගැනීමට හැකියාවක් නැහැ.
නිපන්දුව (No ball)
නිපන්දුවක් සටහන් වීමට බලපාන හේතු
🏏 පන්දුයවන්නාගේ ඉදිරි පාදය සීමාව (Popping Crease) මත හෝ එපිට පතිත වීම.(දැන් බලපාන්නේ First Point of impact එකයි)
🏏 පන්දුයවන්නාගේ පසු පාදය Return Crease එක ස්පර්ශ කිරීම. - විනිසුරුට නොදන්වා පන්දුයවන ඉරියව්ව වෙනස් කිරීම.
🏏 පන්දුයවන්නා පන්දුව පිතිකරු දෙසට දමාගැසීම (Throwing the ball)
🏏 අතයටින් පන්දුව යැවීම (Underarm bowling)
🏏 පන්දුව තණතිල්ලේ එක්වරකට වඩා පතිත (Bounce) වීම.
🏏 පන්දුයවන්නා අතින් පන්දු යවන අන්තයේ කඩුල්ල බිදවැටීම (Non Striker's end)
🏏 එක් අවවාදයකට පසුව තවත් කෙටි පන්දුවක් එල්ල කිරීම
🏏 නීතිවිරෝධී ෆුල්ටොස් පන්දු (Waist hight Full toss) යැවීම.
වයිඩ් පන්දුව (Wide)
🏏 පිතිකරුවා එකම ඉරියව්වේ සිටින අවස්ථාවේ වයිඩ් සීමාවෙන් පිටතින් පන්දුයැවීමත් පිතිකරුවා චලනය වන විට ඔහුට ළං විය නොහැකි සීමාවේ යවන පන්දු වයිඩ් ලෙස නම් කෙරෙනවා.
🏏 කෙසේ වෙතත් පිතිකරුවා දැන දැනම පන්දුවේ ගමන් මාර්ගයෙන් ඉවතට ගමන් කළොත්. එය වයිඩ් පන්දුවක් ලෙස ගණන් ගන්නේ නැත.
🏏 පන්දුයවන්නාට තම Delvery Stride එකට ඒමට පෙර එම අන්තයේ පිතිකරුවා දවාගැනීමේ හැකියව තිබෙනවා. නමුත් මෙම පන්දුවාරයේ නීත්‍යානුකූල පන්දුවක් ලෙස ගණනයට නොගන්නා අතර පිතිකරුවා දැවී නොගිය බව තීරණය වූවොත් පමණක් අජීවි පන්දුවක් බවට පත් වෙනවා. මෙය නම් කරන්නේ මැන්කඩ් කිරීම (Mankading) යනුවෙන්.
උඩපන්දුව (Fair Catch)
උඩපන්දුවක් සටහන් වීමට බලපාන හේතු
🥎 ක්‍රීඩා පිටියේ පන්දුරකින්නෙක් බිම ස්පර්ශ වීමට ප්‍රථම පන්දුව රැක ගැනීම.
🥎 විනිසුරුගේ,වෙනත් පන්දු රකින්නෙක්ගේ,පිතිකරුවෙක්ගේ ශරීරයේ වැදී පන්දුව රැකගැනීම. - කඩුලු රකින්නාගේ පා ආවරණ අතර සිර වීම.
🥎 පන්දුව ස්පර්ශව පවතින කිසිම අවස්ථාවක ක්‍රීඩා සීමාවෙන් පිටත ස්පර්ශ නොවන තාක් ඕනෑම ආකාරයක උඩපන්දුවක් දැවීයාමකි.
🥎 හතරේ සීමාව ආසන්නයේ ලබාගන්නා උඩ පන්දුවල දී ක්‍රීඩකයෙක් පන්දුව දෑතේ වැදී හතරේ සීමාවෙන් පිටතට යන්නේ නම් එම පිම්ම හතරේ සීමාව ඇතුළත දී ලබා ගැනීම අනිවාර්යයි.
🥎 එසේ නොමැති නම් එම අදාළ ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට කටයුතු කරනු ඇති.
පිත්ත
🏏 ක්‍රිකට් ක්‍රීඩාවේදි ජාත්‍යන්තරව භාවිත වන පිත්තක මුළු දිග 96.52cm (38 inches) අගය නොඉක්මවිය යුතු වෙනවා.
🏏 පිත්තේ මුහුණතේ (Blade) එකේ උපරිම ප්‍රමාණ
* පළල (Width) 10.8cm
* ගැඹුර (Depth) 6.7cm
* මුලුවල ප්‍රමාණය(Edge) 4cm
🏏 පිත්තේ මිට මුලු පිත්තෙහි දිගින් 52% ක අගය නොඉක්මවිය යුතුයි.
🏏 පිත්තේ මුහුණත් ආවරණයක් (Blade Cover) යොදන්නේනම් එහි ඝනකම 0.04 in/0.1cm නොවැඩි විය යුතු වෙනවා.
🏏 පිත්තේ කෙලවරට (Toe) ආරක්ෂක පටියක් යොදන්නේනම් එය 0.3cm ඝනකම නොවැඩි විය යුතුයි.
🏏 පිතිකරුවන් භාවිතා කරන පිත්ත නව නීති රීතිවලට අනුකූලව පවතිනවා ද යන්න පරීක්ෂා කිරීම සඳහා විනිසුරුවරුන් හට මිනුම් උපකරණයක් ලබා දෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |