විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්.

Covid Sri Lanka Covid vaccines Sri Lanka airport
By Aruna Jan 07, 2022 05:34 AM GMT
Report

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් මාත්‍රාව එන්නත් කර නොමැති නම් ඔවුන්ට Pfizer එන්නත් ලබාදීම සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැය 24ක් පුරා විවෘත COVID-19 එන්නත් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ස්ථාපිත කර තිබෙන බව ගුවන් හමුදාව විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අංශයන් විසින් වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව දැනුම්දී තිබෙනවා.

මේ අනුව ඔබේ දරුවාට එන්නත් කරන්නේ කවදාදැයි පාසල විසින් ඔබට දන්වන තෙක් කරුණාකර ඉවසීමෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

16ට වැඩි වයස් කාණ්ඩ සඳහා දෙවන මාත්‍රාව සති 12 සම්පූර්ණ වූ පසු පෙබරවාරි මාසයේ දී ලබාදීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now