මෙරට කොවිඩ් අවදානම යළිත් ඉහළට..
ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ ගොස් ඇති න්සා ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ,
කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාවට පවතින බලපෑම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා නොවේ කියන එක මේ මොහොතේ මතක තබාගත යුතුයි. එයින් වැළකීමට කළ හැකි හොඳම දේ අපි මෙතෙක් කරගෙන ගිය සෞඛ්‍ය පුරුදු ඊටත් වඩා හොඳට ඒ ආකාරයෙන්ම සිදුකිරීම.
" මේ වන විට දෛනිකව මෙරටින් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු පමණ වාර්තා වන නමුත් සැකසහිත සියලු රෝගීන් පරීක්ෂා කිරීම් සිදුනොවීම හේතුවෙන් සමාජයේ යම් රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ද පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |