හදිසියේම මෙරට කොවිඩ් නීතී කිහිපයක් ඉවත් කරයි..!

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sewvandhi Dec 07, 2022 10:27 AM GMT
Report

අද(7) සිට විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පණවා තිබූ කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කර තිබේ.

කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන PCR පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now