ලංකාව පුරා පැතිර යන බයානක රෝගයක් ගැන දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Apr 18, 2023 12:08 AM GMT
Report

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන, XBB. 1.16 හෝ Arcturus ව්‍යාප්තිය මේ වනවිට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, මෙය 'අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්' ලෙසයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, නවතම omicron ප්‍රභේදය ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් නැවත ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන්. එමෙන්ම මේ වන විට රටවල් 29 ක Arcturus නම් උප ප්‍රභේදය පැතිර ගොස් තිබීම භයානක තත්ත්වයක්.

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදය වන Arcturus යනු කුමක්ද? මෙය 2021 වසර අගභාගයේදී හඳුනාගත් කොවිඩ් උප ප්‍රභේදයක් වනවා.

එය ඩෙල්ටා ප්‍රභේදය විසින් ප්‍රතිස්ථාපනය කරන ලද omicron ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස හැඳින්වෙනවා.

දැනට මෙම ප්‍රභේදය හේතුවෙන් පසුගිය වසරේ පෙබරවාරි අග වන විට ලොව පුරා රෝගීන්ගෙන් 0.21% මියගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව පසුව මෙම මරණ සංඛ්‍යාව 3.96% දක්වා වර්ධනය වී තිබුණා. නමුත් පසුගිය අප්‍රේල් 15 වන විට එම මරණ සංඛ්‍යාව 7.2% දක්වා විශාල අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, අනෙක් ප්‍රභේද වලට වඩා මෙය වර්ධනය වීමේ වාසියක් පවතින බවයි.

එමෙන්ම වෛරසයේ ලක්ෂණ වලට බලපෑම් කළ හැකි ජානමය වෙනස්කම් මෙමගින් ඇතිකළ හැකි බවයි. Arcturus විකෘතිය, එය වඩාත් භයානක කරයිද? මෙය වඩාත් ඉක්මනින් පැතිර යා හැකි බව මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

නමුත් මෙය දරුණු තත්ත්වයක් බවට අනතුරු ඇඟවීමක් සිදුකර නැහැ. බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් හන්ටර් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, මෙය බොහෝ විට එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සහ ලොව පුරා බොහෝ රටවල පැතිර යන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වනු ඇති බවයි.

නමුත් පසුගිය කාලයේ කොවිඩ් හේතුවෙන් සිදුවූ හානියට සාපේක්ෂව දරුණු ආසාදන ඇති නොකරන බවද ඔහු සඳහන් කළා.

මේ අනුව ලංකාවේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන්නේ ද කොවිඩ් නව ප්‍රභදයක් බවයි බොහෝ පිරිසක් සැකපල කරන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now