යළිත් වැඩි වේගන යන කොවිඩ් මරණ - අද දවසේ වාර්තාව...

Sri Lanka vaccination Covid19 delta omicron
By Sewvandhi Mar 21, 2022 01:19 PM GMT
Report

අද දිනට වාර්තා වූ කොවිඩ් මරණ ගණන 05ක් ලෙස වාර්තා වනවා. ඒ අනුව මෙරට වාර්තා වූ මුළු කොවිඩ් මරණ ගණන දැක්වෙන්නේ 16,436ක් ලෙසට යි.

අද දිනට වාර්තා වූ මරණ පහෙන් දෙදෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර තිදෙනෙක් කාන්තාවන් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් මිය ගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් දෙදෙනෙකු මෙම මරණ අතර වනවා.

මේ අතර, අද දක්වා මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් 658,197ක් වාර්තා වී තිබෙනවා.

රෝහල්ගත ව හෝ නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 17.021ක්.

624,745ක් සුවය ලබා නිවෙස් වෙත පිට ව ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now