කොවිඩ් මරණ එක වරම වැඩි ප්‍රමාණයක් අද වාර්තා වෙයි
corona virus
sri lanka
Covid deaths
By Sithumi
අද මෙරටින් කොරෝනා ආසාදිත මරණ 17ක් වාර්තා වී තිබේ.
ඒ ඊයේ (24), මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත මරණ වේ.
ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 330ක්.
හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති වාට්ටු දෙකම මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වෛද්‍යාධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි
. වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ, ගෙවුණු දින කිහිපය තුළ රෝහල් ගත වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීඝ්‍රව වැඩිවීමක් දැකිය හැකි බවය
. රෝගීන් සඳහා ඇඳන් 75ක් වෙන්කර තිබුණ ද මේ වනවිට එහි රෝගීන් 81 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, රෝහල් කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |