තවත් කොවිඩ් මරණ දෙකක් - කොවිඩ් ආසාදිතයින් ද ඉහළට..

COVID-19 Sri Lanka
By krishani May 14, 2023 02:42 AM GMT
Report

පසුගිය 12 වන දා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරිමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (13) තවත් කොවිඩ් ආසාදිතයින් 08දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වන විට වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවසයි.

කෙසේවෙතත්, කොවිඩ් වසංගත තත්ත්වය ද දිවයිනේ වාර්තා වීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join