ලංකාවේ කොරෝනා ගැන යළි රතු එළියක්. දැඩි අවධානයෙන් සිටින්න.
COVID-19
Sri Lanka
By Aruna
ගතවූ දින හත තුළදි මෙරටින් කොවිඩ් ආසාදිතයන් හතළිස් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
පවතින අයහපත් කාලගුණයත් සමග කොවිඩ් ආසාදිත වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම්කරන බවත් එම නිසා හැකිතාක් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් වෛද්‍යවරු ජනතාවට පවසති.
එමෙන්ම මේවනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව්වැනි මාත්‍රාව පුද්ගලයන් විසි ලක්ෂ දෙදහස් පන්සිය හැත්තෑ එක් දෙනෙකු ලබාගෙන ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මෙරට කොවිඩ් ව්‍යාප්ත වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් දාසයදහස් හැටපහක් මියගොස් ඇත.
එමෙන්ම පුද්ගලයන් හයලක්ෂ පනස්හතරදහස් නවසිය අනුපස් දෙනෙකු කොවිඩ් ආසාදිත වී සුව වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |