කොවිඩ් වෛරසයේ උපත ගැන එළියට ආ හෙළිදරව්ව..

COVID-19 China
By Sewvandhi Apr 09, 2023 03:14 PM GMT
Report

චීන විද්‍යාඥයෙකු විසින් කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බවට අනාවරණ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, 2020 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාල සීමාව තුළ වූහාන්හි මත්ස්‍ය වෙළෙඳසැල්වලින් ලබාගත් වෛරස සාම්පලවල ජාන විශ්ලේෂණයෙන් ඒ බව හෙළිව ඇති බවය.

බීඡිං හි රසායනාගාර තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ටොන්ග් යිගෑන්ග් මේ බව සඳහන් කර ඇත්තේ චීන රාජ්‍ය සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

පාරිසරිකව සහ ශීතාගාරවලින් ලබාගත් සත්ත්ව සාම්පල 1300කට අධික ප්‍රමාණයක් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති බව සදහන් වනවා.

කොව්ඩ් වෛසරය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී මුලින්ම චීනයෙන් වාර්තා වූ අතර එරට වූහාන් නගරයේ මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිතව එය බිහි වූ බවට ද මත පළවුණා. එසේම එය පසුව වවුලන්ගෙන් ව්‍යාප්ත වූ බවට ද මත ප්‍රකාශ කෙරුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now