වට්ස්ඇප් එකෙන් පාසල් සිසුවෙක්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලූ දේවගැතිවරයාට ලැබුණු අධිකරණය නියෝගය..

Sri Lanka Sexual harassment
By krishani May 09, 2023 08:38 AM GMT
Report

පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත්කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේවගැතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගල ඇප 02ක් මත මුදාහරින ලෙස ඊයේ (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න විසින් ය.

15 හැවිරිදි අදාළ පාසල් සිසුවා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ වට්ස්ඇප් මගින් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් දේව ගැතිවරයා නිරුවත් ඡායාරූප ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join