වසන්ත මුදලිගේ,ස්ටාලින් ඇතුළු අරගලකරුවන් 6කට විදෙස් ගමන් තහනම් කෙරේ..!

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 25, 2022 10:30 AM GMT
Report

වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු 06දෙනෙකුට විදෙස්ගතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෑතකදී පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළ වලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්  මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජෝශප් ස්ටාලින්, එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම විදේශගතවීම වැළැක්වීමේ තහනම් නියෝග නිකුත් කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now