විමර්ශන නිලධාරීන්ට අධිකරණයෙන් දැඩි අවවාද..! හිටපු ජනපතිත් පැටලෙයි..
අද (26) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි හස්තීන් තිදෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී ලබාදුන් නියෝගයක් මත බාහිර පාර්ශ්වයකට පැවරීම නීත්‍යනුකූල නොවන බවට වූ චෝදනාවට අදාළ නඩුව ඳවනු ලැබීය.
අධිකරණයේ දී පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළව ජනාධිපති මන්දිරයේ තිබූ ලිපි ගොනුව අස්ථානගත වී ඇති බවය.
එහිදී පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට වාර්තා කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවය.
එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුල් ලිපි ගොනුව පරිශීලනය නොකර ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව පැවසූ පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය, මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ මුල් ලිපිගොනු පරික්ෂා කිරීමකින් තොරව ප්‍රකාශයක් ලබාදිය නොහැකි යැයි ඔහු පැවසූ බවය.
කෙසේ වෙතත් එම මුල් ලිපිගොනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවත් එය අස්ථානගත වී ඇති බවත් ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ මුල් ලිපිගොනු නොමැති බව පවසමින් ඇඟ බේරාගැනීමක් සිදුනොකර විධිමත් ලෙස විමර්ශනය කර අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |