හිටපු ඇමති පුතෙක් හොර සල්ලි අච්චුගහල මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Apr 13, 2023 06:41 AM GMT
Report

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේ යැයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබූ ඒ සදහා භාවිත කල පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ තවත් උපකරණ සොයාගත් බවද පොලිසිය සඳහන් කරනවා.

ඔවුන් අලුත් අවුරුද්දට බූරුවා ගැසීම සඳහා මෙම ව්‍යාජ රුපියල් පන්දහසේ කොළ මුද්‍රණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කටුවන ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා ඇතුළු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී රුපියල් අසූ පන්දහසක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයා ගත් බවත් පොලිසිය කියා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now