තවත් ආයතන කිහිපයක්ම කෝප් කමිටුව හමුවට කැඳවයි..!

Sri Lanka
By Sewvandhi Apr 19, 2023 01:40 PM GMT
Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එනම්, ලබන 25 වනදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වනදා කෝප් කමිටුවට කැඳවා ඇත. 2022.10.21 වනදා පැවති කාරක සභා රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය එහිදී පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

තවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා ඇත්තේ ලබන 28 වනදාය. මේ අතර වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට අපේක්ෂිතය.

 

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now