කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

Srilanka Freedom Party
By Sithumi Feb 23, 2023 03:58 PM GMT
Report

කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරී පත්ව තිබෙනවා නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවති අස්ථාවේදියි ඔහු තේරීපත්ව තිබෙන්නේ.

එහිදී පැවති ඡන්ද විමසීමේදී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 06 ක් හිමිව තිබෙනවා.

කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.