වැස්සෙන් හානි වූ ගොවීන්ට වන්දි ලැබෙන හැටි

Ampara Monaragala Polonnaruwa Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Feb 06, 2023 02:09 PM GMT
Report

වර්ෂාව නිසා වී වගාවට හානි සිදුවී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට පවසනවා.

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි පිරිනමන අතර හෙක්ටයාරයකට රුපියල් 100,000 ක් බැගින් වන්දි ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

විශේෂ රක්ෂණ ක්‍රමය යටතේ කන්නයකට රුපියල් 6,400ක වාරිකයක් ගෙවීම මගින් රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි වශයෙන් ලබා දෙන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා.

මේ අතර ගොයම් කහ වී ඇති බවට ලැබෙන පැමිණිලි අනූව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් කණ්ඩායම් අද (06) දිනයේ අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල කුඹුරු පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now