කෝප් කමිටුවේ ඇත්ත කතාව?
ශ්‍රී ලංකා කෝප් කමිටුව ගැන එක එක අයගේ එක එක අදහස්. ඇත්තටම ඒක මොකක්ද? ඒකෙන් කෙරෙන කාර්යභාරය ගැන ගොඩක් දෙන්නෙක් හරි හැටි දන්නේ නැහැ. කෝප් කමිටුව සහය දක්වන්නේ රජයට ද නැද්ද? ඒක පාර්ලිමේන්තුවේම කොටසක් ද? යන්න සමහරුන්ට ප්‍රශ්න ගොඩයි.
?️ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි.
?️ මෙම කමිටුවට පාට පක්ෂ භේදයක් නැතිව ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පොදුවේ නියෝජනය කරනවා.
?️ ඒ අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීම, රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදු කෙරෙනවා.
ආරම්භය
?️ 1979 වර්ෂයේ ජූනි 21 වන දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත්.
?️ එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන ආකාරයෙන් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී පත් කරනු ලබනවා.
?️ පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවන අතර කාරක සභාවේ පළමු සැසිවාරයේදීම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු කරනවා.
බලය
?️ කාරක සභාව විසින් රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රජයේ ව්‍යාපාර ආයතනවල පරික්ෂාවට ලක් කළ ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා කළමනාකරණය පිළිබඳව තොරතුරු පරික්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරන අතර ඔවුන්ට සාක්ෂි ලබාගැනීම පිණිස ඕනෑම පුද්ගලයෙකු කමිටුව ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ආකාරයේ ලේඛනයක්, වාර්තාවක් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ ඊට අදාල දේපළ වෙත ප්‍රවේශ වීමටත් බලය හිමි වෙනවා.
?️ කාරක සභාවේ විෂය පථයට, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැරුණු විට රාජ්‍ය ආයතන 244 ක් අයත් වන අතර සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ වගේම රජය සතු සමාගම්ද කාරක සභාවේ සුපරීක්‍ෂාවට යටත්.
?️ නමුත් සියලු රාජ්‍ය ආයතන එකවර පරික්ෂා කිරීමේ හැකියාව කෝප් කමිටුව සතු නොවන අතර ඔවුන්ට වුවමනා පරිදි තෝරා ගන්නා ආයතන සංඛ්‍යාවක් පිළිබඳ විමර්ෂණ කටයුතු සිදු කළ හැකියි.
?️ එමෙන්ම කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන්හී ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් විසින් අනුගමනය කළ යුතු නියමයන් ලෙස සළකනු ලබයි.