වාහන ආදායම් බලපත්‍රය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

Colombo Sri Lanka
By krishani Jul 30, 2022 12:25 AM GMT
Report

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබාදුන් සහන කාලය අගෝස්තු මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ජුනි මස 29 සිට කල් ඉකුත් වන බස්නාහිර පළෘතේ ලියාපදිංචි වාහන බලපත්‍ර සඳහා ඊයේ (29) දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට මීට පෙර තීරණය කර තිබිණ.

එලෙස දඩ මුදල් අය නොකිරීමේ සහන කාලය ලබන අගෝස්තු මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join