කොළඹට හදිසියේම විශේෂ ආරක්ෂාවක් යොදවයි..? හදිසි රාජකාරි සඳහා නිලධාරීන් කැඳවයි..!
හෙට (08) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් විරෝධතා පා ගමනක් පැවැත්වීමට නියමිත යි. එසේ ම 09 වැනි දා ද විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව යි මේ වන විට වාර්තා වන්නේ.
මෙම විරෝධතාකරුවන් විහාරමහා දේවි උද්‍යානය අසලින් පා ගමන ආරම්භ කර, කොටුව ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමෙන් පසු උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය, අරලියගහ මන්දිරය, අගමැති නිවස හා පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් මහජන සාමය කළමනාකරණය කිරීම සඳහාත් විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතු බවට අණ දෙන නිලධාරියා විසින් විශේෂ කාර්‍ය බලකායට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම රාජකාරි යෙදවීම සඳහා විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව සඳහන්. එබැවින් කොළඹ ප්‍රදේශයේ කඳවුරු, ස්ථානයන්ට අනුයුක්ත ව රාජකාරි කරන සියලු ම නිලධාරින් හා නිවසේ සිට සේවයට වාර්තා කරන නිලධාරින් ද හදිසි අවස්ථාවක දී ඉහත රාජකාරි සඳහා කැඳවීමට යි තීරණය වී ඇත්තේ.
එම සම්පූර්ණ ලිපිය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
