කොළඹට ⁣මත්ද්‍රව්‍ය බෙදන තවත් තිදෙනෙක් අල්ලයි. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi Jan 09, 2023 11:36 AM GMT
Report

රුපියල් කෝටි 07 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (08) අලුයම මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ, කැලණිය, කළුතර, පානදුර, නුගේගොඩ ප්‍රදේශවලට හෙරොයින්, ගංජා සහ හෂීස් ඉතා සූක්ෂම ලෙස බෙදාහරිමින් සිටි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් 01 ක්, කේරළ ගංජා කිලෝ 125 ක් සහ හෂීස් කිලෝ 2 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් කොටහේන, වත්තල, දික්ඔය ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් වන අතර වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගනිමින් මෙම ජාවාරම් සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW