ක්ලබ් වසන්තගේ පුත්‍රයාත් අද අධිකරණයට. - ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 10 දෙනාට අද ලැබුණු තීන්දුව මෙන්න.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා අගෝස්තු 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නමැත්තාගේ පුත්‍රයා ද නීති කෘත්‍යය සඳහා අද දින අධිකරණ හමුවේ පෙනි සිටීමට නියමිතයි.
පසුගිය මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමක් අතරතුර ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළා.
මෙම ඝාතන සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 22 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ටැටු ව්‍යාපාරික දුලාන් සංජුල නමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.
ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)
අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළේ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.