ප්‍රසිද්ධ තෙමහල් රෙදිපිළි වෙළඳසැලක ගින්නක්, ගින්න නිවන්න ලොකු සටනක් - (VIDEO)
Sri Lanka
By Sewvandhi
රෙදිපිළි වෙළඳසැලක ගින්නකින් අදාල වෙළඳසැලේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ පුවතක් වාර්තා වනවා.
ඒ, අද(14) උදෑසන 7.45 ට පමණ වැලිමඩ නගරයේ රෙදිපිළි වෙළද සැලක ඇති වු ගින්නක් හේතුවෙනි.
මෙම තෙමහල් රෙදි පිළි වෙලද සැල මෙසේ ගින්නට හසුව විනාශ වි ඇති අතර ගින්නෙන් රෙදි පිලි හා වෙනත් දේපල විනාශයට පත්වී ඇති අතර විනාශයේ වටිනාකම රුපියල් කෝටි ගණනක් වනු ඇතැයි වාර්තා වෙයි.
මෙම ගින්න නිවා දැමීමට වැලිමඩ පොලිසිය හා ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.
එම වීඩියෝව පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |