කුස්සියේ තියෙන මේ දේවල් හරියටම පිරිසිදු කරගන්න හැටි දන්නවද බලන්න

By Madheeha_Naz Sep 06, 2023 11:18 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

නිවසක මුළුතැන්ගෙය කියන්නේ ඒ නිවසේ හදවත කියලා කියන්න පුළුවන්, මොකද එහෙම  කියන්න හේතුව තමයි අපි ගන්න ආහාර පාන සකස් කරගන්නේ මුළුතැන්ගෙයින් එහෙමත්  නැත්නම් කුස්සියෙන්  නිසා, ඉතින් ඒවගේ තැනක තිබෙන උපකරණ දිගු කාලයක් භාවිතය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මුළුතැන්ගෙයි උපකරණ වැඩිකාලයක් භාවිත  කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රම කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒ ක්‍රම මොනවද කියලා බලමු.


1. පිහි.

අපේ ගෘහනියන්ට කුස්සියේ තියෙන  වටිනාම වස්තුව තමයි පිහි කියල කියන්නේ  මොකද අපි  උයන්න ගන්න එළවලු මස් වුනත් එක පාරටම භාජනයට දල උයාගන්න බැහැනේ ඒවා නිසි ආකාරයට කපල තමයි උයන්න පටන්න ගන්න ඕනේ අන්න ඒ නිසා මේ පිහි කුස්සියට ඉතාමත් වැදගත් භාණ්ඩයක් හැබැයි මේ පිහි  වල කල්පැවැත්ම හරියාකාරව තියා ගන්න නම් මස් කපන්නයි එළවළු කපන්නයි පාන් කපන්නයි හැම එකටම එකම පිහිය භාවිතා කරන්න යන්න  එපා.මොකද ඔක්කොමටම එක පිහිය භාවිත කලොත් එකේ ආයු කාලය ඉක්මනටම අඩු වෙනවා අන්න ඒ නිසා  ඒ ඒ වැඩේට අදාළ විදියට නිමවපු පිහි වර්ග තෝරාගන්න ඕනේ . ඔබ  මොන පිහිය පාවිච්චි කලත් ඒවා  භාවිතයෙන් පස්සෙ සෝදල පිහිදලා ගබඩා කරන්නත් අමතක කරන්න එපා .මොකද පිහිය හරිහැටි භාවිත නොකළොත් ඉතින් ඉක්මනටම කුස්සියට ආයුබෝවන් කියන්න වෙනවා.අන්න ඒ නිසා පිහි භාවිතයෙන් පස්සේ නිසි ආකාරයට පිහිදලා ගබඩා කරගන්න.   

2. බ්ලෙන්ඩර්.

හැම විටම බ්ලෙන්ඩරේකට දරාගන්න පුළුවන් ප්‍රමාණ ගන්න. ඒ වගේම දුම් දාන රස්නෙන් දේවල් බ්ලෙන්ඩ් කරන එකෙන් මෝටරයට වගේම බ්ලෙන්ඩර් එකේ රබර් බුශ් එකට හානි වෙන්න පුළුවන්. එක පාරම ඔන් කරගෙන එක දිගට බ්ලෙන්ඩ් කරන්න යන්න  එපා. නතර කරමින් තප්පර කීපයක විවේකයක් ඇතුව බ්ලෙන්ඩ් කරන්න.

මෙය  භාවිතයෙන් පස්සේ  බ්ලෙන්ඩර් එකේ සහ ග්‍රයින්ඩර් එකේ තලය සහිත කොටස වෙනම ගලවල පිරිසිදු කරගන්න . මොකද මේවයේ තල හරි හැටි පිරිසිදු නොවුනම ඉක්මණින් මුවහත නැතිවෙලා  වෙනවා. ඒවගේම බ්ලෙන්ඩර් එකේ දැති ටික කැරකෙන එක නතර උනාමයි ඒ කප් එක ඉවත් කරගන්න ඕනෙ.ඒවගේම  බ්ලේඩ් කැරකිලා නතර වෙන්න කලින් බ්ලෙන්ඩර් කප් එක ඉවත් ඉවත් කරන්න උත්සහ කිරීමෙන් එහි පහලින් තිබෙන රබර්  රබර් බුශ් කැඩිල යන්න පුළුවන් අන්න ඒ නිසා බ්ලෙන්ඩරය ක්‍රියා විරහිත කිරීමේදී එක පාරටම එක ඕෆ් කරන්නේ නැතුව ක්‍රම ක්‍රමයෙන් එහි වේගය අඩුකරලා එය ක්‍රියාවිරහිත කිරීම මගින් දිගු කාලයක් භාවිත කරන්න පුළුවන්  


3. අවන්.

අවන් එක රත් වෙන දෙයක් නිසා එහි  තාපය මුදා හරින්න තරමක ඉඩක් අවශ්‍යයි. නිසි ලෙස තාපය පිට නොවීම මගින් අවන් එකේ ක්‍රියාකාරිත්වයට අහිතකර වෙන්න පුළුවන් . සාමාන්‍යයෙන් අවන් එකට මොන දෙයක් බේක් වෙන්න දැම්මත් බොහෝ රෙසිපි වල ප්‍රීහීට් කරන්න කියල තියෙනවා . මේ නිසා අවන් එකක් ප්‍රී හීට් කරන්න කලින් අවන් එක ඇතුලේ මතක ඇතුව පරික්ෂා කරගන්න.

විශේෂයෙන් අවන් එකක් පිරිසිදු කිරීම අනිවාර්ය දෙයක් . බොහෝ දෙනෙක් අවන් එකේ පිරිසිදු කිරීම ගැන හිතන්නේ නැහැ  අවන් එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න නම් එහි පිරිසිදුකම ගැන සැලකිලිමත් වන්න  

4. ශීතකරණ

ශීතකරණය  රස්නේ තැනක තිබ්බාම ශීතකරණයේ තියෙන මෝටරේට හානි වෙලා ආයු කාලය සීමා කරගන්නවා. ඉතින් හිරු එළියට කෙළින් ම ආවරණය නොවෙන තැනකින්  ශීතකරණය ස්ථාපිත කරගන්න ශීතකරණයේ උඩ තට්ටුවත් බඩු ගබඩාවක් කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් එතනින් තමයි මෝටරෙන් ඉපදෙන තාපය පිටවෙන්නේ. අන්න ඒ නිසා එතන බඩු තියලා හරස් කරනන යන්න එපා ඒ විතරක් නෙවෙයි අවන් එක වගේම  ශීතකරණයකත්  කල් පැවැත්මට එහි පිරිසිදුකම අනිවාර්යෙන් බලපානවා .  නව මාදිලියේ  ශීතකරණ වල නැති වුනාට පරණ ශීතකරණ වල පිටුපස ජලය එකතු වෙන පොඩි ප්ලාස්ටික් බඳුනක් තියෙනව. මේ බඳුන නිතරම බලල පිරිල ඉතිරිලා යන්න කලින් පිරිසිදු කරගන්න.  


5. රයිස් කුකර්.

හාල් ටික සෝදලා  දාන රයිස් කුකර් එක ඇතුළේ තියෙන භාජනයේ  බඳ  ජලයෙන් තෙත් වෙලා නම් නම් මුලින්ම  එය  පිහදාගෙන ඉන්න ඕනි. එහෙම නොකළොත් ඒකෙන් බතට වගේ ම කුකර් එකේ උෂ්ණත්වය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ඇති කරවනවා. බත් එක උණුවෙන් තියාගන්නවා නම් එය  පැය 5කට 6කට සීමා කරගන්න. රයිස් කුකර් එකේ  ඇතුළත  පිරිසිදු කරනකොට පුළුවන් තරම් මෘදු  ස්පොන්ජ් කැබැල්ලක්  තෝරාගන්න. මෙසේ කිරීම මගින් මගින් ඔබේ රයිස් කුකර් එකේ ආයුකාලය වැඩිකලක් පවත්වාගන්න පුළුවන්.


අද අපි කිව්වා මෙන්න මේ ක්‍රම අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ මුළුතැන්ගෙයි තිබෙන උපකරණ දිගු කාලයක් භාවිතය සඳහා ගන්න පුළුවන්, ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න  ඇති කියලා අපි හිතනවා.